Saturday, September 23, 2017

පිටසක්වල ජීවීන් යයි නම් ලද පිරිසක් සිටිත්ද?..අතීතයේ සිට පෘථිවිය පිටසක්වල ලෝක සමග සම්බන්දතා පැවැත්වීද?..දෙවන දිග හැරුම





ඇමරිකාවේ නාලිකාවක් වන History නාලිකාව හරහා සිදු කරනු ලැබු ගවේෂණාත්මක ලෝක අර්තකතනය යන තේමාව හරහා ලෝක සත්‍යයන් අවධාරණය කිරිමේ බලාපොරොත්තුව මත ලෝකයේ අභිරහස් ස්ථාන හා පිටසක්වල ජීවීන් පිළිබදව සිදුකල පර්යේෂණාත්මක තිර රචනය ආශ්‍රය කොට ගනිමින් පිටසක්වල ජීවීන් යයි නම් ලද පිරිසක් සිටිත්ද?..අතීතයේ සිට පෘථිවිය පිටසක්වල ලෝක සමග සම්බන්දතා පැවැත්වීද?..යන්න විද්‍යාත්මක විචාරයට එක්වන්න......දෙවන කොටස

නිහඩ කලාපය 1930 Earn free bitcoin ගණන්වලදී මුලින්ම හදුනා ගනු ලැබුවේ මෙක්සිකානු ගුවන් නියමුවෙක් වෙන ෆ්රැන්සිස්කෝ සරාවියා විසිනුයි.ඔහු පැවසුවේ ප්‍රදේශය හරහා පියාසර  කරත්දී සිය රේඩියෝව අත්භූත ආකාරයෙන් ක්‍රියා විරහිත වූ බවයි.ඔහු එය මෙක්සිකෝවේබර්මියුඩා ත්‍රිකෝණයයයි පැවසුවා.එය පිහිටා තියෙන්නේ එකම සමාන්තර අක්ෂාංශයක.28 සහ 26 අක්ෂාංශ.එක නිසා ඒක සම්බන්ධ වෙනවා ඊජිප්තු පිරමිඩ සමග.ඉතින් ඒ මුළු අංශය පුරාම,සම්බන්ධයක් තියෙනවා වගෙයි පෙනෙන්නේ.ලෝකයේ විවිධ තැන්වල ඇතිවෙන අසාමාන්‍යතා සමග විද්‍යාඥයන් හැටියට අපි පුහුණු වෙලා ඉන්නේ සැකසංකා සහිතව හිතන්නයි.සමහරවිට අපි ඉපදිලා තියෙන්නෙම එහෙම වෙන්න පුළුවන්.අපි ඇත්තටම කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ.දන්නවද, කිසිම දෙයක් ඔප්පු කරන්න බැහැ ඇත්තටම සාක්ෂි ලැබෙනකම්.හැබැයි මට කියන්න පුළුවන් පොලවේ මතුපිට චුම්බක ක්ෂේත්‍රය සුළු ප්‍රතිශත වලින් වෙනස් වෙනවා  යැයි මහාචාර්ය පී එච්, ඩී සේරා සීගර් පවසයි.
  නිහඩ කලාපය සම්බන්ධ අමුතු සිදුවීම් වලින් එකක් සිදුවූයේ 1970 ජුලි 11 වෙනිදා ඒ.ජ. ගුවන් හමුදාව ඇතීනා මිසයිලයක් දියත් කල දිනයේයි. ග්‍රීන් රිවෙර් යූටාහි ඔවුගේ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක සිට මිසයිලය සකස්කොට තිබුනේ සැතපුම් 700 දුරින් නිව් මෙක්සිකෝහි වයිට් සෑන්ඩ්ස් මිසයිල් ක්ෂේත්‍රයට වැටෙන්නයි. එහෙත් පැහැදිලි නොකළ කුමක් හෝ හේතුවක් නිසා ඇතීනා මිසයිලය වයිට් සෑන්ඩ්ස් මිසයිල් ක්ෂේත්‍රය පසුකොට සැතපුම් සියගණනක් නිහඩ කලාපය දෙසට ගමන් කලා.ඒක ගමන් මාර්ගයෙන් පිට ගියා විතරක් නෙමේ ඒක හොදටම වැඩි දුරක් ගියා.හරියට ඒක ඒ දිහාවට අරන් ගියා නැතිනම් ඇදිලා ගියා වගේ,ආකර්ෂණය වුනා වගේ.නාසා ප්‍රකාෂකයෙක් පවා කිව්වා ඒක අමුතුයි කියලා.මේක ඒ ප්‍රදේශයට ඇදලා ගත්තා වගෙයි කියලා.ඒක එහෙට කඩා වැටිලා කෑලි වලට කුඩු වෙලා ගියා.ඒත් සමහරුන් පවසන්නේ අත්භූත ආකාරයෙන් නිහඩ කලාපය වෙත ඇදගනු ලැබුවේ මේ මිසයිලය පමණක් නොවන බවයි.පෞරාණික ගගනගාමී මතධාරින් විශ්වාස කරන්නේ උල්කාෂ්ම අසාමාන්‍ය ලෙස වැඩි ගණනක් මෙහි කඩා වැටී ඇති බවයි.සාක්ෂි වලින් පෙනෙන හැටියට නිහඩ කලාපය මොකක් හරි බලවත් බලශක්ති වෝටෙක්ස් ප්‍රදේශයක්.වචනාර්ථයෙන්ම උල්කාෂ්ම සහ වෙනත් අභ්‍යවකාශ සුන්බුන්නුත් මේ උතුරු මෙක්සිකෝවේ කුඩා ප්‍රදේශය තුලට ඇදගන්නා මේ ප්‍රදේශයේ ඉහල චුම්බකත්වයක් තියෙනවා.ඒක විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා.අපි දන්නවා මේ මුළු ප්‍රදේශයේම චුම්බක සලකුණක් තියෙන බව උල්කාෂ්ම වගේ විශාල වස්තූන් ඇද ගන්න තරම් ඒක ශක්තිමත්ද ලෝගන් හොක්ස් පවසන ආකාරයට මං හිතන්නේ අපිට තව පර්යේෂණ ඕන කරනවා මං හිතන්නේ නෑ එහෙම පර්යේෂණ කෙරෙන බවක් දැනට වසර 3000කට පෙර ඇරබී අනසාසි සංස්කෘතිය අද ඇමරිකාවේ උතුරු ප්‍රරදේශයෙහි පදිංචිව සිටියා.අනසාසි යන්නෙහි තේරුම පෞරානිකයෝ  යන්නයි.ඔවුන් තරු කෙරෙහි විශාල අවධානයක් යොමු කරන ලදි. ක්‍රි. ව 1054දී සුපර්නොවා පිපිරීමක් පොලවට දර්ශනය වූ බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.බොහෝ අය විශ්වාස කරන්නේ මේ සිද්ධිය පිළිබද හදුනාගත හැකි ප්‍රථම රූපය සොයාගෙන ඇත්තේ අනසාසි ගුහා නිවසක් තුල බවයි.නිහඩ කලාපයට දකුනෙන් මායා ඇතුළු වෙනත් සංස්කෘතීන් සතුවද මෙයට සමාන ආකාෂික සිදුවීම් ගැන පුදුම සහගත ලෙස සවිස්තරාත්මක දැනුමක් තිබී ඇති බව වාර්තා වෙනවා.මෙම සංස්කෘතීන් දෙකම කිසියම් ආකාරයකින් තොරතුරු හුවමාරු කරගත්තා විය හැකිද?ඔවුන් සැතපුම් දහස් ගණනකින් වෙන් වෙලා ඉන්නේ.ඒත් උතුරේ අනසාසිත් දකුණේ මෙසෝ ඇමරිකානුවන්නුත් නිහඩ කලාපය සොයාගෙන ඒක භාවිතා කළා සංස්කෘතීන් දෙකේ හමුවීමේ ස්ථානයක් හැටියට.අපිට හිතා ගන්න පුළුවන් රාත්‍රියේ තාරකා අධ්‍යයනය කරන තාරකා රටා අදින  කෙනෙක්ට දකින්න ලැබෙන දෙයක් තමයි අහස හරහා වැටෙන උල්කාෂ්ම. තමන්ගේ ප්‍රශ්න වලට උත්තර එන්නේ අහසෙන් කියලා හිතා ඉන්නවානං සමහරවිට ඒ අය මේ වැටෙන උල්කාෂ්ම හොයාගෙන ගිහින් ඒවා කෙළෙවර වුනේ කොහෙන්ද කියලා හොයාගනියි.ඒවා කල්පිතය තමයි, එහෙත් මේ සංකෘතීන් අතරේ දකින්න ලැබෙන අනිත් සබදතා මොනවද?ඒවා ආකාෂමය සම්භවයක් ඇති දේවල්ද?අපි අනසාසි සහ දකුණේ මෙසෝ ඇමරිකානුවන්ගේ පෞරාණික විශ්වාස දිහා බැලුවොත් අපි දන්නවා අහසෙන් පැමිණෙන අහස් මිනිසුන් ගැන ලොකු විශ්වාසයක් තිබුන බව මේ අමුත්තන් අහසෙන් පැමිණියානම්,කවුද ඔවුන්? මේ සත්වයන් උස සමාන කමක් තියෙනවා සුදුමැලි හමක්  සුදු කොණ්ඩයක් තියෙන අයයි යනුවෙන් වාර්තාවල දැක්වේ.ඒක අදුරු හමක් කළු කොණ්ඩයක් තියෙන, එම ප්‍රදේශ වල ඉන්න මිනිස්සුන්ගේ දකින්න ලැබෙන දෙයක් නෙමේ.ඒත් ඔවුන්ගේ දෙවිවරු බොහෝ දකුණු ඇමරිකානු විස්තර සමග ගැලපෙනවා. පුරාවෘත වලට අනුව මෙම  "අහසෙන් ආ අමුත්තන්"පෞරාණික මිනිසුන්ට තමන්ව දකින්න ඉඩ සලසා දුන්නා.අදත් ඔවුන් තමන්ව දකින්න ඉඩ සලසා දෙනවා විය හැකිද?වාර්තා ගණනාවක් තියෙනවා හදුනා නොගත් පියාසර වස්තු ගැන. නිහඩ කලාපය තුල ඇතැම්විට වඩා ප්‍රමුඛතම සහ ජනප්‍රියම වාර්තාව සෙබයෝස් ටවුමෙන් ආ එක වෙන්න පුළුවන්.ගිම්හානයේ අවසන් භාගයේ හවස් වරුවක ටවුමේ මිනිස්සු කීප දෙනෙක් දුටුවා වස්තුවක් අහසේ පාවෙනවා ටවුමේ කෙලවර.ඔවුන් ඒක විස්තර කරන්නේ එය මීටර් 100ක් පමණ පළල්,වෛවර්ණ දිලිසෙන එලි සහිත,කිසිම දෙයක් නොකර,නිකම්ම  කාන්තාරයේ පාවෙවී තිබුන බවයි.ටික වෙලාවකට පස්සේ ඒක නිකම්ම පිටත් වෙලා නිහඩ කලාපය තුලට යන්න ගියා.

මමත් හිතනවා ඉහල හදුනා නොගත් පියාසර වස්තු ක්‍රියාකාරකම් දර්ශනයවීම් අස්වාභාවික සිදුවීම් ගැන අදත් පැමිණෙන වාර්තා සමග සමහරවිට සම්බන්ධයක් ඇති.සමහරවිට ඒ වෝටෙක්ස් එකක් වෙන්න ඇති.සමහරවිට මාන අතර ද්වාරයක් වෙන්න ඇති.අපිට ඒක පැහැදිලි කරන්න බැහැ.ඒත්  ඒ ප්‍රදේශයේ මොකක් හරි අසාමාන්‍ය දෙයක් තියෙනවා.පිටසක්වලයන්ට හැකිද මේ චුම්බක  වෙනස හදුනාගන්න?ඒවා පෞරාණික අමුත්තන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙනවද, මං පිටසක්වලයක්නං අවුරුදු 10000කට ඉස්සර මෙහෙට එන්න පැහැදිලිවම ඒ කාලේ මාර්ග සිතියම් තිබුනේ නැහැ.කොහොම වුනත් මට භාවිතා කරන්න පුළුවන් පෘතුවිය මත ඇති අසාමාන්‍ය චුම්භක ලක්ෂ කිසියම් ආකාරයක ස්ථාන ලකුණු හැටියට.එතකොට මං අපහු එත්දී මේ ස්ථාන ලකුණු මට මග පෙන්වයි පෘතුවියේ එහෙට මෙහෙට පාර හොයා ගන්න.පෘතුවිය මත ඉහල චුම්බකත්වයක් තියෙන තැන් තියෙනවා.එහෙත් චුම්භක මට්ටම්,ආකාශ දෙවිවරු ගැන පුරාවෘත්ත,මෑත කාලින හදුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් මෙහි ද්වාරයක් ඇති බව ඔප්පු කරයිද?වඩා සෘජු භෞතික සාක්ෂ්‍ය සපයන?ලිමා, පීරු සිට සැතපුම් 800ක් නිරිත දිගින් ටිටිකාකා විලෙහි ඉවුරු අසල ලොව පුරා සංචාරකයන් පුදුමයට පත් කල ස්ථානයක් තිබෙනවා වතාවත් කිරීම සහ යාඥා කිරීම සදහා යකැදුරන් තවමත් පැමිණෙනවා. මෙම උස් සානුවෙහි පිහිටා ඇති පාෂාණ බිත්තියට පරපුරෙන් පරපුරට ඔවුන් සිදුකල ආකාරයෙන් එය හදුන්වන්නේ පුවෙර්ටා ඩේ හයුමාගා නැතිනම් දෙවියන්ගේ දොරටුව ලෙසයි.මෙතන දකින්න ලැබෙන දේ හරි පුදුම සහගතයි.මෙතන විශාල දොරක් තියෙනවා ගලහි කපන ලද.පෙනෙන්නේ ඒක දොරටුවක් වගෙයි ඒත් ඒකෙන් කොහේටවත් යන්න බෑ.වචනාර්තයෙනම නාදුනන තැනක අඩි 400 උසින් ඒත් ඒ පාශානය මත පැහැදිලිවම පෙනේනවා අති දැවැන්ත සෘජුකොනාශ්‍රයක් කපලා අයින් කරලා තියෙනවා.ඒ සෘජුකොනාශ්‍රයේ මැද්දේ පතුලේ දොරක් වගේ පෙනෙන දෙයක් තියෙනවා.පීරූහී ස්වදේශිකයෝ ඇත්තෙන්ම මේ තැන හදුන්වන්නේ දෙවියන්ගේ දොරටුව කියලයි.ඒත් මොකටද දොරක් හදන්නේ නිකම් පාෂාණ තුලට කිසිම තැනකට යන්න බැරි විදිහට මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ ඒ දොර හරහා යන්න.ඉන්කා පුරාවෘතවලට අනුව ප්‍රථම ශ්‍රමණ රජු අමාරු මුරු මේ ද්වාරය හරහා ගමන් කල බවයි කියවෙන්නේ.දොර ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ වස්තුවක් භාවිතා කිරීම මගින් තාරකා දොරටුවක් බවට පරිවර්තනය කරමින් ගමන් කළ බවයි.පුරාවෘතවලට අනුව මේ තාරකා දොරටුව ක්‍රියාත්මක කරලා තියෙන්නේ ස්වර්ණමය තැටියක් භාවිතා කරලා.මේ රන් තැටිය අහසෙන් වැටුන එකක්.කතාවේ හැටියට ඉන්කා වරුන්ගේ ප්‍රථම ශ්‍රමණ රජු මේ දෙවියන්ගේ දොරටුවට රන් තැටිය අරගෙන ගිහිල්ලා ඒක විශේෂිත විවරයක් ඇතුලට බස්සලා මාන අතර ද්වාරයක් විවෘත්ත වෙලා එයා ඒක හරහා ගිහින්.ආයි කවදාවත් දකින්න ලැබිලා නෑ.එතන හිටපු යකදුරා පැවසුවා ඒක තමයි හරියටම වුනේ කියලා.දෙවියන්ගේ දොරටුව අධ්‍යනය කලපුරාවිස්ද්යාඥයන් සොයාගෙන තිබෙනවා දොරටුවේ  මැද කුඩා රවුම් හැඩති ගිලා බැස ඇති තැනක් .ඇතැමුන් අනුමාන කරන්නේ මෙම  ගිලා බැස ඇති තැන රන්තැටිය තබන ලද තැන විය හැකිය කියායි.ඒක ඇත්තටම චිත්‍රපටිවල තියෙන  එකක් වගේ.මේ උපකරණය රනින් සහ වටීනා ද්‍රව්‍ය වලින් හදපු එකක් කියලයි කියවෙන්නේ ඒක අයිති කෙනාට,මේ ස්ථානය කිට්ටුවට ඇවිත් ක්‍රියාත්මක කරන්න පුළුවන්.එතකොට එක්කෝ දෙවියන් එක්ක කතා කරන්න පුළුවන් නැත්නම් දෙවියෝ ඔවුන් ලගට එනවා.අපි හැමෝවම පුහුණු කරලා තියෙනවා ආ, ඒ සේරම අහඹු ඒ ඔක්කොම හිතළු විතරයි කියලා.විකාර මොනවා හරි වුනා තාරකා දොරටුවේ ප්‍රශ්නෙදි හිරු තැටියට මොකක් හරි ආකාරයක පිටසක්වල සම්බන්ධයක් තිබුනා වෙන්නත් මේක ගමන් කිරීමට ඉඩසලසන, තාක්ෂණික උපකරණයක් වෙන්නත් පුළුවන්.ඒකෙ තේරුම පුද්ගලයෙක්ව භෞතිකව සැගවුන මානයකට රැගෙනයාම සහ ආපහු රැගෙන ඒම නැත්නම් පෘතුවියෙ සිට ඒ තාරකා දොරටුව හරහා ගිහින් ප්‍රාදේශීය පුරාවෘත්ත වලට අනුව අභ්‍යවකාශ සොහොයුරෝ ලෙස හැදින්වූ, මෙම ශ්‍රමණ රජවරු පැමිණ තිබෙන්නේ වෙනත් ලෝකවල සිට බවයි පැවසෙන්නේ.ඔවුන් මෙහි පැමිණියේ දෙවියන්ගේ දොරටුවෙන් විය හැකිද? ඔවුන් ආවේ වෙනත් තාරකා මණ්ඩල වලින් වෙනත් ග්‍රහලෝක වලින් අපේ භාෂාවේ වචනයක් තියෙනවා "චකාණා" කියලා ඒ තමයි සමහර තාරකා මණ්ඩලඉදකණු කුරුසය,ඔරායන් පටිය,හත්දින්නත් තරු වගේ.එක වැඩිමහල්ලෙක් කිව්වා,"මේ තමයි ගෙදරට යන පාලම" කියලා ඉතින් මේකේ හරය තමයි,මේ ඔක්කොම පෙනී සිටීම්,මේ අභ්‍යවකාශ සොහොයුරෝ එක්ක සම්බන්ධයි.එහෙත්, මේ දොර ක්‍රියාත්මක කිරීමේ උපකරණයක් ඇත්තටම තිබිය හැකිද?එසේ නම් ද්වාරය කොහේට විවෘත්ත වන එකක්ද?පෞරාණික ගගනගාමී මතධාරීන්ට අනුව දෙවියන්ගේ දොරටුව වෝම් හෝල් එකක එක කෙලවරකුයි.එක්කෝ විශ්වයේ වෙනත් කොටසක් හා සම්බන්ධ වන නැත්නම් වෙනත් මානයක් හා සම්බන්ධ වන එකක් විය හැක.වෝම් හෝල් කියන්නේ සාපේක්ෂතා වාදයට අනුව කල න්‍යායාත්මක සංකල්පය තමයි ඇත්තටම කාල අවකාශය සම්බන්ධ බව විවිධ කාල අවකාශ සම්බන්ධ වෙලා තියෙන බව කුඩා නාලයක් මගින් එහෙම දෙයක් හදලා තියෙනවානං විශ්වයේ බොහොම දුරස්ථ තැන්වලට කෙටිමගක් තියෙනවා.වෝම්හෝල් කියන්නේ න්‍යායාත්මක භෞතික විද්‍යාවේ පිළිගත් අංගයක්.එහෙත් ඇත්තටම ඒවා පැවතුනාද ලෝකයේ ඇතැම් වඩාත්ම අභිරහස් ස්ථාන වල තාරකා දොරටු තිබෙන බවත්,ඒවා පෞරාණික යුගවල පැවතුන බවත් යන අදහස අපිට දකින්න ලැබෙනවා බොහොම පුරාවස්තුයි, නිරූපණය කිරීම්නුයිවල කෙනෙක් දොරක් හරහා ගමන් කරන ආකාරය නැත්නම්, මොකක් හරි ශක්ති මූලාශ්‍රයක් හරහා ගමන් කරන ආකාරය.පෞරාණික මිනිසා තාක්ෂණය තේරුම් ගත්තේ නැහැ.අපි වෝම් හෝල් තිබිය හැකිද කියලා තේරුම් ගන්න උත්සහා කරනවා වගේම.ඒක මොකක් හරි දොරක් අපේ මානයත් තවත් එකකකුත් අතරේ.
Earn free bitcoin">

0 comments: