Friday, September 22, 2017

දහනමවන සියවසේ යුරෝපයේ සමාජ සැකැස්ම





               ලෝකයේ නව මාදලියක සමාජ සැකැස්මක් යුරෝපය ප්‍රමුඛ රටවල් තුළ ඇති වුයේ යැයි මා පවසන්නේ නම් කෙනෙකු එය පිළිනොගනු ඇත මන්ද මා එය තහවුරු නෙකල බැවිනි.එසේ නමි පලමුව 19 වන සියවස යනුවෙන් සලකනු ලබන්නේ කුමක්ද යන කාරනය දෙස අවදානය යෙමු කරමු.19 වන සියවස යනු ක්‍රි.ව.1800 සිට ක්‍රි.ව.1900 දක්වා වූ කාල සිමාවයි.එසේනම් මෙම කාල සිමාව තුළ යුරෝපයේ සමාජ සැකැස්ම කිනම් ආකාරයක් වුයේදැයි සොයා බැලිය යුතුය.මෙහිදි පෙර පැවති සමාජ තත්වය,මෙම කාලසිමාව වන විට වෙනස් වුයේදැයි සෙවිමත්,එසේ වෙනස් වුයේනම් ඒ කෙසේදැයි සොයා බැලිය යුතුය.එහිදී මෙකල බුද්ධිමය නවෝදය,තාක්ෂණික උන්නැතිය,කාර්මික ප්‍රබෝධය, ආර්ථිකමය ලිබරල් ප්‍රතිපත්ති,රාජ්‍ය දේශපාලනික ස්වාධීනතාවයන්,හේතු කොට ගෙන මෙකී සියවසේ නව සමාජ සැකැස්මක් ඇතිවීම කෙරෙහි හේතු වූ සාධක කවරේද යන්න මෙහි සොයා බලයි.
                                           යුරෝපය සම්බන්දව යුරෝපියන්ගේ අදහස්වලට අනුව ප්‍රධාන කාල තුනක් හරහා ලෝකය විකාශනය විය.එනම් පුරාතන,මධ්‍යතන,නුතන ලෙසටය.එහිදි පුරාතන යුගය සම්භාව්‍ය යුගය ලෙස ග්‍රික,රෝම ශිෂ්ටාචාරයන් පැවතුනු දෑ කතාබහට ලක්කරන අතර එමෙන්ම රෝම යුගයේ පරිහානියත් සමග වැඩවසම්වාදී ආර්ථිකය පදනම් කරගත් සමාජ ක්‍රමයක් හරහා මධ්‍යතන යුගයද, එය ක්‍රිස්තුරෝම අධිරජ්‍ය බිදවැටීමත්,එනම් 1453 කොන්ස්තන්තිනෝපල් නගරය ඔටෝමන් තුර්කින් සතුවීමත් සමගම මධ්‍යතන යුගය බිදවැටීමද,ඒත් සමගම නුතන යුගය ආරම්භ වීමත් සිදුවුයේය යන්න යුරෝපීයන් මෙන්ම ඇතම් ආසියානු චින්තකයන් ද පිළිගෙන ඇත.නමුත් එයටද පටහැනි අදහස් දරනු ලබන චින්තකයන් ද සිටියි.නමුත් මෙහිදි වැදගත් වන්නේ නුතන යුගය පමනි.එසේනම් අප 19 සියවස පිළිබදව කතා කිරීමට මත්තෙන් නුතන යුගය ආරම්භක 15 වන සියවස සිට 19 සියවස අතර පැවති සමාජ තත්වය පිළිබදව යම් දුරකට සොයා බැලීම අවශ්‍ය වේ.මන්ද ඒ හරහා 19 සියවසේ සමාජ තත්වය වෙනස් වීද,නොවීද,එසේනම් කෙසේද,යන්න සොයා බැලිය හැක.නුතන යුගය තුළ පෙර පැවති තත්වයන්ට වඩා වෙනස් තත්වයක් ඒතුල දක්නට ලැබේ.මන්ද මෙකල මධ්‍යකාලීන යුගයට වඩා නුතන යුගය තුළ යම් ආකාරයක විප්ලව රැල්ලක් ආරම්භ වේ.ඒ හරහා යුරෝපය තුළ නව සංකල්පයන් බිහිවීම සිදුවේ.ඒ සංකල්පයන් හරහා යුරෝපයේ රාජ්‍ය නව ආකෘතියක් බිහි කිරිමට හේතු වේ.වැඩවසම් ආකල්ප බිදවැටීම,පල්ලියේ බලයට අභියෝග කිරිම හා ප්‍රෙතෙස්තන්‍ත්‍ර ආගමික ප්‍රතිසංස්කරන ඇතිවීම,භූමික සිමාවන් පදනම් කරගත් නිශ්චිත ජනතාවක් පරමාධිපත්‍ය සහිතව පාලකයෙකු හෝ පාලක මණ්ඩලයක පාලනයෙන් යුතුවු ජාතික රාජ්‍යයන්හි වර්ධනයද,දාර්ශනික මතවාදයන්ගෙන්  ජනිතවූ විශාරදයන්ගෙන් ද,සාමාන්‍ය ජනතාව තුළින් බිහිවූ මධ්‍යම පාන්තික ව්‍යුහයක් ද,චින්තනමය වශයෙන් අයිතිවාසිකම්,සමානාත්මතාවය,නිදහස ද,ආර්ථිකමය වශයෙන් දේශගවේෂණය පදනම් කරගත් වානිජ්‍යයත් මෙකි නුතන යුගය තුළ ඇති විය.එසේනම් 19 වන සියවසේ සමාජ සැකැස්ම කෙරෙහි හේතුවූ කරුණු කාරනා විමසා බලමු.
  මධ්‍යතන යුගය බිදවැටීම 1453 දී සිදුවුව යැයි සාමාන්‍ය පිළිගැනිම උවත් යුරෝපයේ ඇතම් රාජ්‍ය තුලත් වැඩවසම් ක්‍රමය තවදුරටත් පැවතුනි කෙසේ වෙතත් 19 සියවස පමණ වන විට යුරෝපීය රාජ්‍යයන් ක්‍රමයෙන් ස්විධිනත්වයට,එක්සත් ව්‍යාපාරවලට යෙමුව, මේ වනවිට බෙහෝ රාජ්‍ය තම දේශපාලන මෙන්ම ආර්ථික ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කරන ලදි.එහිදී බ්‍රිතාන්‍ය,ප්‍රංශය,රුසියාව,ජර්මිනිය,ඉතාලිය මෙන්ම ඔස්ට්‍රියා සහ ප්‍රර්සියා වැනි රාජ්‍යයන්ගේ බල ව්‍යාප්තිවාදය 19 සියවසේ සමාජ තත්වය වෙනස් කිරිමට හේතු විය.එසේනම් පලමුව මෙකි රාජ්‍යයන් හි 19 වන සියවස තෙක් දේශපාලන,ආර්ථික හා ඒ සමගාමීව සමාජ තත්වය සොයා බැලීම වැදගත් වේ.පලමුව ප්‍රංශය දෙසට අවධානය යොමු කරන්නේ නම් 17-18 සියවස් අතර කාලයේ ප්‍රංශයේ තත්වය ගත් කල යම් නවෝදයක් දක්නට ලැබුනි.මන්ද 14 වන ලුවී රජ යටතේ ප්‍රංශය යම් ස්වාධීනත්වයක් කෙරෙහි යෙමුවෙමින් පැවතිනි.එමෙන්ම මොහු ඉතා අභිමානවත් පුද්ගලයෙකු විය.එය ඔහු විසින් නිකුත් කරන ලද රන් කසියෙහින්ද නිරූපිත වේ.මෙම කාසියේ රජුගේ රුව වෙතින් විහිදෙන රුස් වැසියන් වෙතට විහිදී යන ආකාරයක් දිස් වේ.ගාමිණී ප්‍රේමතිලක පලිහේන මහතා විසින් යුරෝපය නමින් පලකරන ලද ග්‍රන්ථයේ දැක්වෙන පරිදි මෙම කාසිය මගින් 14 වන ලුවී රජ තම වැසියන්ගෙන් ලද ගෞරව,ආදරය මෙයින් සංකේතවත් වු බවයි1 නමුත් මටනම් හැගීයන්නේ එය හුදෙක් 14 වන ලුවීගේ බලය ජනතාව වෙතට ආරෝපණය කිරිමටත්,රජුගෙන් විහිදෙන රැස් තුළින් රජු දේවත්වයක් ආරෝපණය කිරිමටත් ඒ හරහා රජු තවත් ජනතාව තුළට බලය සංකේන්ද්‍ර කිරිමය. එමෙන්ම 14 වන ලුවී යනු තමාගේ බලය යනු පරමාධිපත්‍ය ලෙස සලකා ක්‍රියා කල පාලකයෙකි.නමුත් මොහු දක්ෂ පාලකයෙකු වු අතරම ප්‍රංශය තුළ ආර්ථිකමවය අතින් දියුනු කිරිමට සමත් පුද්ගලයෙකු විය.එමෙන්ම මෙතුමාට එකල සිටි රදල පිරිස්ගේ ද සහයෝගය ලැබුණි.එමෙන්ම මෙතුමාගේ කාලයේ නාට්‍ය මෙන්ම කාලාවට ද විශිෂ්ට තැනක් ලබාදුන් අතර සංස්කෘතික කේන්ද්‍රයක් වශයෙන් වර්සේල්ස් නගරය වැදගත් විය.නමුත් මෙකල අග නගරය වශයෙන් වර්සේල්ස් නගරය දක්නට ලබුන නිසා පෙර පැවති පැරිස් නාගරිකයින් රජු සහ වර්සේල්ස් නාගරිකයින් අතර කුකුසක් විය. වර්සේල්ස්හි පුරුෂ මුලික සමාජ ක්‍රමයක්ද.පැරීසියේ යම් ආකාරයක පුරුෂ මුලිකත්වයෙන් මිදුනු ස්ත්‍රි නිදහසක් පැවති බව පැවති නිති රිති වලින් බැහැරව කාන්තා සංගම්,සමාජ සුභසාධන කටයුතු,ප්‍රිය සම්භාෂණ කටයුතු කිරිමට නිදහස පැවතිනි.මෙම තත්වය ප්‍රංශ විප්ලවය කෙරෙහිද හේතුවක් වු බව දැක්වේ.එමෙන්ම 14 වන ලුවී රජුගේ කාලයේ රජයේ නිලතල වලින් අසිමිත වරප්‍රසාද ලත් රජු වටා සිටි අනුගාමිකයන් ඒවායේ උපරිම බලය බුක්ති විදින ලදි.ඒතුලින් සිදුවුයේ ජනතාවගේ ශ්‍රමය උකහා ගත් ඉහළ පැලැන්තියේ රදල පිරිසක් බිහිවීමයි.එමෙන්ම මෙම කොටස විසින් කිර්ති ප්‍රශංසා,නම්බු නාම ලබාගැනීම සිදු කරන ලදි.
                              තවද 14 වන ලුවීට යුද්ධයන් රාශියකට ඉදිරිපත් වීමට සිදුවිමත් මේ ආකාරයට ප්‍රංශයේ තවදුරටත් මෙකි ඒකාධිපතිත්වයක් පැවතිම 14 වන ලුවීගේ යුදමය ක්‍රියා මාර්ග හේතුකෙට ගෙන ලුවීගේ අවසාන කාලයේ ආර්ථික අතින් ප්‍රංශය පිරිහී ගියේය.මෙම කාලයේද ප්‍රංශය තුල වැඩවසම් ආකල්පය පැවතින.ඉන් අනතුරුව බලය ගත් 15 වන ලුවීගේ කාලය තවදුරටත් ජනතාව වෙත පීඩනයක් එල්ල කරන්නක් විය.එමෙන්ම මොහු දුර්වල ලදරු පාලකයෙකු විය. 18 වන සියවස අග පමන වනවිට ප්‍රංශය තුළ සමාජ මෙන්ම ආර්ථික,දේශපාලන තත්වයන් බිදවැටි පැවතින.මෙකල ජනතාවට බදු බර දරාගත නෙහැකි ලෙස වැඩිවී තිබුනි.නගරයක් නගරයක් පාසා ජනතාව ආණ්ඩුවට දුක්ගැනිවිලි ඉදිරිපත් කරන්න වුහ.වෙළෙද ශ්‍රේණි කර්මාන්ත අංශයට කරදර කරන ලදි.නිතිය මෙහෙය වීම හා ආර්ථික තත්වය නිසා ජනතාව දිලිදු බාවයට පත් විය.මෙකි තත්වය නගරබද පිරිස් වලට පමනක් නොව ග්‍රාමීය පෙදෙස් වලටද ව්‍යාප්ත විය.18 වන සියවස අවසාන භාගය වනවිට ගොවි ජනතාවගේ තත්වය ගත් කල මෙකල ප්‍රංශය තුළ වැඩවසම් ක්‍රමය එංගලන්තයට සාපේක්ෂව බෙහෙවින් අඩුවී තිබුන අතර එහෙත් බදු ක්‍රමය ඉතා දැඩි විය.කිසිදු සාධාරණ ක්‍රමයක් නැති බදුද විය.මාර්ගයේ හෝ ගංගා තරණයේදී,තමාගේ ධාන්‍ය කොටා ගත් විට හෝ මිදි මිරිකා ගත් විට හෝ ගාස්තුවක්1දිය යුතුය.තමාගේ පලදාවේ කෙටසක්ද තමන් නොදත් ස්වාමියෙකුට ගෙවිය යුතුය. මෙකි වැඩවසම් ගාස්තුවලට අතිරේකව අය බදු ගෙවිමට ද සිදුවුයේ සාමාන්‍ය පිටිසර ගෙවි ජනතාවටය.නමුත් මෙකල මෙකි බදුවලින් නිදහස් වරප්‍රසාද ලාභි කෙටස් ද විය.ඔවුන් අතර පුජකවරුද,රදලයෝද,රාජ සභාවද,රදල බලපත්‍ර මුදලට ලබාගත් මධ්‍යම පන්තියේ ධනවත්තුද විය.මේ නිසා ප්‍රංශය තුළ විශාල පිරිසක් දිළින්දන් විය.මේ හේතු කොටගෙන 18 වන සියවස වන විට ප්‍රංශය තුළ නිර්මාණයවී තිබුණේ ඉතා ජන පිඩනකාරි තත්වයකි.

             එංගලන්තයේ 18 වන සියවස පමන වනවිට දක්නට ලැබු තත්වය පිළිබදව අවධාරනය කලොත් ප්‍රංශයට වඩා තරමක වෙනස් තත්වයක් මෙහි විය.මන්ද බ්‍රිතාන්‍ය තුළ යම් ආකාරයක ජන චින්තනයේ වෙනසක් විය.මන්ද මෙහි දේශපාලනමය වශයෙන් යම් බුද්ධිමය නවෝදයක් මෙහි විය.අයිතිවාසිකම් සම්බන්ද පනත්,සම්ප්‍රධායික රාජාණ්ඩු ක්‍රමය,පාර්ලිමේන්තුවාදි අදහස් ඉදිරියට ඒම,හා පාර්ලිමේන්තුවාදින් හා රාජාණ්ඩුවාදින් අතර නිරන්තර ගැටලුකාරි තත්වයක් එංගලන්තය තුළ දක්නට ලැබුණි.17 වන සියවසේදි මෙම ගැටුම උග්‍ර අතට හැරි පැවතිනි.එහිදි පලමුවන චාර්ල්ස්ගේ මරණයත් සමග බලයට ආ දෙවන චාර්ල්ස් සිය පියා මෙන් නොව පාර්ලිමේන්තුවාදින් සමග හොදින් කටයුතු කරන ලදි.අන්මත ඉවසු පුද්ගලයකු විය.1660 පාර්ලිමේන්තුව ආගමික බේද ඇතිකරන්නන්ට දැඩි දඩුවම් පනතක් සම්මත කර ගත්තහ,සියලුම පුජකවරු හා ආගමික නිලධාරින් රජතුමාටත් පල්ලියටත් අවනතවිය යුතුයැයි දිවිරුම් දිමද,දේපළ පිළිබද නීති රීති ශක්තිමත් කල අතර අපරාධ නීති පද්ධතිය දැඩි කළේය. එමෙන්ම පාර්ලිමේන්තුව මෙකල ශක්තිමත් වු බව මහාචාර්ය එච්.ටි බස්නායක අපරදිග ශිෂ්ටාචාරය-21පොතෙහිද දක්වා ඇත.දෙවන චාර්ල්ස්ගෙන් පසු දෙවන ජේම්ස් රජුද,ඉන් පසු විලියම් ද වශයෙන් පැවති රජවරුන් පාර්ලිමෙන්තුවාදින් අතර පැවති ගැටුම් නිසා පාර්ලිමේන්තුව තුළ බලය වර්ධනය විය.එමෙන්ම මෙකල රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මණය කිරිමේ බලය ද පාර්ලමේන්තුව සතුවිය.මෙකල එංගලන්තය තුල ඡන්ද අයිතියද හිමිවුවද එය ද සීමිත පිරිසකට පමණි.18 වන සියවස මැදභාගය පමන වන විට රජ්‍යත්වයත්,පාර්ලිමේන්තුවත් අතර     සහයෝගිතාවයක් දක්නට ලැබුණි.
                                       තවද මෙකල පැවති අදහසක් වුයේ පල්ලියේ බලය මැඩ රාජ්‍යත්වයේ බලය වර්ධනය කිරිමයි.එහිදී ප්‍රසියාවේ රජුවු දෙවන මහා ෆෙඩරික් රජු (1740-1786) දැක්විය හැකිය. මෙහු ප්‍රදේශ පාලනය ශක්තිමත් කළේය. කෘෂිකර්මන්තය දියුණු කර ගොවීන්ගේ තත්වය මෙන්ම ප්‍රවේණි දාසභාවයද අහෝසි කළේය.රාජ්‍ය කර්මන්ත ඇති කර වෙළෙද ඒකධිකාරයක්ද පිහිටුවීය.වෙළෙද සමාජයේ ක්‍රියාකාරකම් පාලනය සදහා 1794 දී නීති පද්ධතියක්ද සකස් කරන ලදි.ඇන්ටි මැකියාවේලි(Anti-Machiaveli-1741) නමින් කෘතියක් රචනා කර රාජ්‍ය සමෘද්ධිය උදෙසා පාලකයා බැදිසිටින බව දක්වීය.එමෙන්ම ඔස්ට්‍රියාවේ 4 වන චාර්ල්ස් රජුගේ දියණිය වන මරියා තෙරෙසා(Maria Theresa 1740-1780)සියසුන සම්බන්ධ අරගලයේදී දුෂ්කරතාවයන් මර්ධනය කල ඇය එකල වු සටන් වලන් රට බේරාගෙන රාජ්‍ය තුළ වු අර්බුදද මැඩපවත්වන ලදි.මරියා තෙරේසා ඔස්ට්‍රීයාව තුළ විමධ්‍යගත පලන ක්‍රමයක් ඇති කර ආරක්ෂාව හා මුල්‍ය සම්පත් ක්‍රමවත් කළේය.නව මධ්‍යගත රාජ්‍ය මණ්ඩලයක් ඇති කර අයබදු එකතු කිරිමේ ක්‍රමයක්ද ඉදිරිපත් කළාය.නව අධිකරණ ක්‍රමය තුළින් විනිශ්‍චය ශාලා ඇති කර ඉඩම් හිමියන් ප්‍රවේණි දාසයන් සුරාකෑම අවම කරන ලදි.තෙරේසාගෙන් පසු ඇයගේ පුතුණුවන් වු දෙවන ජෝසප්(1780-1790)සිය මැණියන්සේ ඔස්ට්‍රියාව තුළ ක්‍රමවත්  පාලනයක් ඇති කරන ලදි.  රුසියාවේද 18 වන සියවස අග පමණ වන විට කැතරින් බිසව යටතේ මෙකල ශක්තිමත්ව සෙසු යුරෝපීය රාජ්‍යයන් මෙන් ඉදිරියට පැමිණි බව දක්නට ලැබේ.මේ අනුව 18 වන සියවස වනවිට මුළු යුරෝපා මහද්වීපය පුරාම රජ්‍යයන් රාශියක් බිහිවි  තිබිණ.ප්‍රංශ,එංගලන්තය,ඔස්ට්‍රීයාව හැරුනු විට රුසියාව,ප්‍රෂියාව යන රාජ්‍ය බිහිවි ශක්තිමත්ව පැවතුණි.මෙලෙස මෙකල රාජාණ්ඩු ශක්තිමත් වු බවද පිළිගත හැක.මෙලෙස එක් අතකින් දේශපලන වශයෙන් රාජ්‍ය ශක්තිමත් වන විට 19 සියවසේ සමාජ තත්වය වෙනස්ම තත්වයක් කෙරෙහි යොමුවීම සදහා හේතුවු කාරණා පිළිබදව සොයා බලමු.   
           එහිදී මහජන අදහස ඉතා වැදගත්ය.මේ කාලය වන විට දාර්ශනික මතවාදයන් වර්ධනය වී තිබු නිසා මෙකල ජන විඤ්ඤාණයේ වර්ධනයක්ද පැවතින.තවද වැඩි වශයෙන් මෙකල පොතපත කියවීමට මිනිසුන් යොමුවීමද මෙකල වර්ධනය විය.එහිදි ලෞකික මෙන්ම දාර්ශනික පතපොත සාමාන්‍ය ජනතාව වැඩි වැඩියෙන් කියවිමට පටන් ගත්හ.මෙයින් සිදුවුයේ සාම්ප්‍රදායික දැනුම අභියෝගයට ලක් කරමින් නව දැනුමක් ඇති විමයි.මෙයට හේතුවක් ලෙස පැවති සමාජ තත්වය තුළ වු වෙනස සැලකිය හැකිය.මෙහි ඉහත දැක්වු රාජ්‍ය දේශපාලන,අර්ථික,සමාජ තත්වයන් මෙකි වෙනස කෙරෙහි හේතුවක් විය.1648 වෙස්පේලියා සාම ගිවිසුමත් සමගම රාජ්‍ය ස්වාධීනත්වය ඇති වීමට පටන් ගත් අතර නිශ්චිත දේශසීමා,නිශ්චිත ජනග්‍රහනයක්,පරමාධිපත්‍ය බලයක් සහිත රාජාණ්ඩු ක්‍රමයන් නිර්මාණය විය.නමුත් 19 වන සියවස වන විට පරමාධිපත්‍ය සහිත රාජාණඩුව වෙනුවට "ජනතාවගේ නිදහස" යන්න සංකල්ප ජනතාව තුළ වැ‍ඩෙන්නට විය.මෙකල ජින් ජැක්විස් රූසෝගේ(Jean Jacques Rousseau 1712-1778) දාර්ශනික චින්තාවන් ද පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට හිමිවු කාර්යබාරයක් පවතින බව දක්වා ඇත.තවද ඔහුගේ Du Contract Social(1762) නම් ග්‍රන්තයේද දක්වා ඇති පරිදි සමානාත්මතාවයට ගරු කරන ජනතාවකගේ සමුහ ආණ්ඩුවක් පවත්වාගෙන යාම සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වුවද රූසෝ ඊට සමාන දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යාමට කැමත්ත දක්වා ඇත1.1778 වොල්ටෙයර් මිය යැමෙන් පසු ඔහු ඉදිරිපත් කළ දැනුම තර්කයට බදුන් කරන ලදි.ඉන් අනතුරුව විවිධ දාර්ශනිකයන් විසින් ඉදිරියට ගෙනා දර්ශනයන් තුළින් යුරෝපය තුළ නිදහස,සමානාත්මතාවය ,අයිතිවාසිකම්, නිතියේ ආධිපත්‍ය,ධනවාදය යන සංකල්ප ඇති විය. එහිදී ඩේවිඩ් හියුම්ගේ (David Hume 1711-1776) මානව අවබෝධය පිළිබද ලිපියද(Essay concerning human understanding 1748),ඩෙනිස් ඩිදෙරෝගේ(Denis Diderot 1713-1784) මානව සමෘද්ධියට හේතුවන කරුනු ඇතුලත් කරමින් විශ්වකෝෂයක්,ඇඩම් ස්මිත්ගේ(Adam Smith 1723-1790) ජාතින්ගේ ධනය ඇතිවීමට හේතු හා ඒවායේ ස්වරූපය පිළිබද විමර්ශනයක්(An inquiry into the nature and causes of the Wealth of Nations) නම් කෘතිය හරහා කෘෂිකර්මය,නිෂ්පාදනය හා වෙළෙදාම පිළිබද පවතින සීමා කිරිම් ඉවත් කළ යුතුබව දැක්වීය.
     මීට අමතරව මෙකල කාන්තාව පිළිබදව නව අදහස් ගලා එන්නට විය.එමෙන්ම කාන්තා චින්තනය ඉදිරියට එන ලදි.ඉංග්‍රීසි ජාතික මේරි වුල්ස්ටෝන් ක්‍රාපට්(Mary Wollstone Craft 1759-1797) යන කාන්තාව,ප්‍රභු කාන්තාවන් ගෙදර දොරේ වැඩ කටයුතු වලට නියලිය යුතුවුවත් පුරවැසිභාවය පිළිබද වගකීම්ද,අධ්‍යාපනය කෙරෙහි නියුක්ත වීමද,ආර්ථික ස්වාධිනතාවය යන අංශ කෙරෙහි අවදානය යොමු කළ යුතු බව ද,රැකියාවේ නියුක්ත කාන්තාවන් එසේ කරනු ලබන්නේ හුදු ජීවත් විම සදහා පමණි යන්න දක්වා ඇත.  

                                  මෙලෙස යුරෝපය පුරා දාර්ශනික මතවාදයන් රැසක් මතුවිය.එමෙන්ම විවිධ සමාජ ශාලා,දේශිය ශාස්ත්‍ර ශාලා හා වෙනත් රැස්වීම් මණ්ඩපවල පැරිසියේ ප්‍රදර්ශන ශාලාවල පැවති අංග ලක්ෂණ පැවතින.ඒවායේ දේශපාලන හා දර්ශනවාදී සාකච්ජා පැවතින.මුදල් අතින් ගත්කල ප්‍රදාන වශයෙන් රදලයන්,වෙළෙදුන් තුළ වැඩි වශයෙන් සංසරණය   විය.    නමුත 18 වන සියවස අවසාන භාගය වනවිට එය    අධ්‍යාපනිකයන්ට, වෘත්තිකයන්ට, රජයේ නිලතල,ඉඩකඩම් සමාජ තත්වය වැනි සියලු දේටම ධනය අවශ්‍ය විය.එමනිසාම ධනය සමාජයේ සෑම දෙයකටම වඩා වැදගත් සාධකය විය.මෙය නුතන යුගයේ මුල් කාලයේ පටන්ම දක්නට ලැබුනත් 18-19 සියවස් කාලය වනවිට මෙය තරමක වෙනස්ව පැවතින.18 වන සියවස වන විටත් යුරෝපයේ බෙහෝ ජනයා ජිවත් වුයේ ස්ථීර වාසස්ථාන නොමාතිවය.නමුත් කෘෂි ආර්ථිකයට හුරුවු පිරිසකට පමණක් ස්ථීර වාසස්ථාන විය.මේ නිසාම යුරෝපීය සමාජයේ දියුනුවක් නොවීය.නව තාක්ෂණය,සමාජ සැකැස්ම,නව ක්‍රමවේදයන් යොදා ගැනිම වැනි දේවල් නිෂ්පාදනයට දායක වුයේ ඉතා සුළු වශයෙනි.නමුත් යුරෝපයේ ආර්ථික වශයෙන් ඉදිරියට යමින් තිබු සමහර රටවල එම තත්වය කෙරෙහි හේතු වුයේ එරට ජනග්‍රහණය හේතු කොටගෙනය.එම තත්වය තුළ නාගරික තත්වයට වඩා ග්‍රාමීය තත්වය දියුනු විය.නමුත් මෙම තත්වය 19 සියවස වන විට වෙනස් වන ලකුණු පහළ විය.එයට පදනම වැටුනෙ 1789 ප්‍රංශ විප්ලවයයි.මෙකි විප්ලවය හට ගනු ලැබුවේ පොදු පරමාර්ථයන් ඉටු කර ගැනිම උදෙසා වන අතර එය යුරෝපා දේශපාලනයේ සුවිෂේසි මුහුණු වරක් ගත්හ.එහි උද්වේගි සටන් පාඨ වුයේ නිදහස,සමානාත්මතාවය හා ජාත්‍යාලය වේ.මෙම සටන් පාඨ වර්තමානයේ යුරෝපිය මානව අයිතින්ගේ අඩිතාලම විය.මානව නිදහසේ නාමයෙන් ප්‍රංශ විප්ලවකරුවෝ පැරණි ඉහළ පැලැන්තිය සතු වු විශේෂ වරප්‍රසාද,සුළු ඉඩම් හිමියන් විසින් දුප්පත් ගොවීන්ගේ ශ්‍රමය සූරා කෑම වැනි වැඩවසම් ක්‍රමයෙන් ශේෂ වී තිබූ අසාධාරණකම්,රදලයන් සතුව තිබූ විශේෂ බදු නිදහස,වෙළෙද සංගම් සතුව තිබූ ඒකාධිකාරය නැති කිරිමට සමත් විය1.මෙයින් පසු නීත්‍යානුකූල රජයකට ප්‍රබල වු ලිඛිත වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවය සහ මහජන ජන්ද බලයෙන් එය තෝරා ගැනිමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදි.නීතිය ඉදිරියේ සැවොම සමානවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් රටේ හැම පළාතකටම සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බව දැක්වීය.තවද සමාජය තුළ සහෝදරත්වය තහවුරු කිරිමද විප්ලවයේ තවත් අරමුණක් විය.මෙය ඉහත සදහන් කළ දාර්ශනික මතවාදයන් පළකල රූසෝගේ අදහස් ක්‍රියාත්මක වීමක් වැනිය.එනම් සමාජයේ කුමන තරාතිමක පුද්ගලයෙකු වුවද සියල්ල සමාන අයිතීන් භුක්ති විදින පුද්ගලයෙකු විය යුතු බවයි.මෙහි පුද්ගලයාගේ සුඵ සිද්ධිය ජාතියේ සුභ සිද්ධිය බව පිළිගැනින.විප්ලවෙයන් ලත් වැදගත්ම දායාදය වුයේප පාලනතන්ත්‍රය තුළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබිඹු වීමයි.   

                                    මෙලෙස ප්‍රංශ විප්ලවයෙන් ජනතාව වෙත ලැබු දෙයට වඩා වැඩි යමක් කාර්මික විප්ලවය හරහා සිදුවිය.මන්ද ප්‍රංශ විප්ලවය තුළින් ප්‍රධාන ලෙසම පැවති දේශපාලන, සමාජ තත්වයන් කෙරෙහි හේතු වුවද,කාර්මික විප්ලවය හරහා පැවති දේශපාලන, ආර්ථික සහ සමාජ යන අංශ ත්‍රිත්වයටම බලපාන ලදි.මෙහිදි සිදුවුයේ කෘෂිකර්මය දියුණු කිරිමත්,ශ්‍රමය සංවිධානය කිරිමත්,ප්‍රාග්ධනය ආයෝජනය කිරිමත්,මහාපරිමාණ කර්මාන්ත ඉදිවීමත් 1820 ගනන්වල ඇතිවූ සංවර්ධන ක්‍රියාවලිය හරහා සිදුවිය.කාර්මික විප්ලවය යනුවෙන් හැදින්වෙන්නේ පැවති කෘෂිකාර්මික,හස්තකර්මාන්ත වැනි නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත්ව අලුතින් නිර්මාණය කරන ලද යන්ත්‍ර සූත්‍ර උපයෝගි කරගෙන විශාල ප්‍රමාණයේ පාරිභෝගික භාන්ඩ නිෂ්පාදනය කිරිම හේතු කොටගෙන ඇතිවූ පරිවර්තනය කාර්මික විප්ලවය නම් වේ.එම නිසා කර්මාන්තශාලා ඉදිවීම,ශ්‍රම විභජනය,නාගරික ප්‍රදේශවල ජනගහනය වැඩිවීම සිදුවිය.නමුත් කාර්මික විප්ලවය හුදෙක් 19 වන සියවසට පමණක් දමා කතා කළ හැක්කක් නොවේ.එය ක්‍රමිකව ගොඩනැගුණු ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.තවද මෙකි විප්ලවය ප්‍රථමයෙන් රෙදිපිළි කර්මාන්තයට සීමාවිය.1733 ජෝන් කේ විසින් නිර්මාණය කළ අතින් ක්‍රියාත්මකවන "දුවන නඩාව"ද,ජේම්ස් හාග්‍රීව්ස්ගේ" ස්පිනිං ජෙනි" නම් නුල්කටින යන්ත්‍රයද,1769 දී රිචඩ් ආක්රයිට්ගේ "ජලරාමුව"ද,1785 එඩ්මන්ඩ් කාට්රයිට් විසින් ඉක්මන් රෙදි විවිමේ බලවේග යන්ත්‍රද,එලී විට්න්ගේ "කෙටන් ජින්"යන්ත්‍රයද,මෙලෙස නිපදවූ රෙදිපිළිවලින් ඇදුම් මසා ගැනීමට රෙදි මැසීමේ යන්ත්‍රය 1846 දී ඇමෙරිකානු ජාතික එළියස් හෝවේ නිපදවන ලදි1.මෙලෙස එංගලන්තය,ප්‍රංශය මුල්කෙටගෙන ඇතිවු කාර්මික නවෝදය 19 වන සියවස වනවිට මුළු යුරෝපයේත්,අනෙකුත් කලාපයේත් රාජ්‍ය වෙත පැතිරී ගියේය.කාර්මික විප්ලවයේ අනෙක් බලපෑමට හසුවු අනෙක් කර්මාන්තය වුයේ යකඩ සහ වානේ කර්මාන්තයයි.යන්ත්‍රසූත්‍ර සදහා යකඩ අවශ්‍ය විය.එමෙන්ම දිගු කළක් තිස්සේ ජනතාව යපස් උණු කිරිම සදහා ගැඩොලින් සකස් කළ උදුන් සහ ඉන්ධන වශයෙන් දර අගුරු භාවිතයට පුරුදුව සිටයහ.1856 දී හෙන්රි බෙස්මර් යකඩ නිපදවීම සදහා වඩා ඉක්මන් හා වේගවත් යන්ත්‍රයක් නිර්මාණය කරන ලදි.ඉන් පසු සියලු ම යන්ත්‍රෝපකරණ නිපදවීම සදහා යකඩ සහ වානේ යොදා ගනු ලැබීය. ෂෙපීල්ඩ්, බර්මින්හැම්, මැන්චෙස්ටර්,ලිවර්පුර්,ලන්ඩන් වැනි බෙහෝ නගරවල මෙම කර්මාන්ත පුළුල් ලෙස ආරම්භ විය.තවද ජෙමිස් වෝට් සහ නිව්කොමෙන් මෙවුන් නිර්මිත යන්ත්‍රයන් මුලින් පතල් ආකරවලින් ජලය ඉවත් කිරිම සදහාද පසුව වෝට්ගේ නිර්මිතයෙන් මෙම වාෂ්ප යන්ත්‍රය වෙනත් ක්ෂේත්‍රවලට ද යොදා ගත්හ.මෙලෙස නව යන්ත්‍ර සූත්‍ර නිර්මාණයවීමත් සමගම ඒවා යෙදාගෙන නව කර්මාන්ත ක්ෂේත්‍රයක් ආරම්භවිය.නමුත් මෙලෙස කර්මාන්තශාලා ආරම්භ කරනු ලැබුවේ ධනවත් පිරිස් විසින් මන්ද මෙකල ආරම්භක කර්මාන්තශාලාවලට නඩත්තුවට ගිය පිරිවැය වැඩි කිරිමට කටයුතු කිරිමයි.එය කාල් මාක්ස්(1818-1883) පවා දක්වා තිබුණි.මාක්ස්ට අනුව මෙකල කර්මාන්තවල වැඩ කළ කම්කරුවන් හටද හිමිවුයේ ඉතා සුළු වැටුපකි.එය මාක්ස්ද යම් සාධාරණ කරණයට ලක් කරන ලදි.  

                                               කාර්මික විප්ලවය ඇතිවීමට පෙර සමාජය බොහෝ විට ග්‍රාමීය තත්වයක් ඉසිලීය. නමුත් කාර්මීකරනයෙන් පසු ග්‍රාමීය ජනයා නාගරික කර්මාන්තශාලා වෙත ඇදි යන්නට විය.නමුත් මෙකි කර්මාන්තවලට මුල් කාලයේ ගනු ලැබුවේ වෘත්තිය නිපුණතාව සහිත පිරිස් නිසා කර්මාන්තවලට ඇතුලුවූ පිරිස අඩු වු අතර ඉතිරි පිරිස නගරයේ රැකියා විරහිතව සිටින්නට විය.මාක්ස්ට අනුව මෙම රැකියා විරහිත පිරිස වැඩි වීමට හේතු වුයේ මෙකල කර්මාන්තවල යන්ත්‍ර සූත්‍ර භාවිතයට පුහුණු ශ්‍රමිකයන් නොගනිම හරහා ව්‍යවසායකයාට පාඩු සිදුවන බැවිනි.තවද මෙකල නගරයේ රැදි සිටි බෙහෝ පිරිසකට ස්ථීර රැකියාවක් නොවු බැවින් ඇතම් පිරිස් මුදලට ඕනෑම දාමරික වැඩක් කිරිමට පෙලඹි ඇත.මාක්ස් මෙහුන් හදුන්වා ඇත්තේ පාදඩ නිර්ධන පන්තිය ලෙසයි.එසේම ජනයා නගරයට ඒමත් සමග පෙර පැවති සමාජ ව්‍යුහය වෙනස් විය.ග්‍රාමීය වශයෙන් පැවති විස්කෘත පවුල් නෂ්‍ටික පවුල් ලෙස වර්ධනය විය.එමෙන්ම මෙකල සමාජය ඒකාබද්ධතාවය අතින්ද යාන්ත්‍රික ඒකාබද්ධතාවය තුළින් ඓන්දීය ඒකාබද්ධ සමාජ ක්‍රමයක් වෙත ප්‍රවිශ්ට විය.19 වන සියවස වන විට ක්‍රමක්ක්‍රමයෙන් සමාජ තත්වය වෙනස් වෙන්නට විය.ජාතින් වැදගත්වීමට පටන් ගත්හ.දේපල හිමිකම මත සමාජීය පන්තිය තීරණය විය.මාක්ස්ට අනුව මෙකල සමාජය සුළුතර ධනපති පන්තියත්,බහුතර කම්කරු පන්තියත් අතර බෙදී පැවතුනි.නමුත් මැක්ස් වෙබර්ට අනුව සමාජ පන්ති හතරක් විය.ඒ අතර මධ්‍යම පන්තියක්ද විය.18 වන සියවසේ යුරෝපයේ ජනගහනයෙන් 10%ක් ජීවත් වුයේ නගරවලය.නමුත් එය 19 වන සියවස වන විට වැඩි වේ.බ්‍රිතාන්‍යෙය් 52% ක්ද, ප්‍රංශයේ 25% ක්ද,ජර්මනියේ 36% ක්ද,රුසියාවේ 07% ක්ද,එක්සත් ජනපදයේ 10% ක්ද නගරවල ජීවත් වුහ.19 සියවසේ එංගලන්තයේ නගර බිහිවුයේ සැලසුමකින් තොරවය.එසේ නැතහොත් රජයේ නීති පද්ධතියකට අනුකූලවය.රජය,ව්‍යාපාරිකයා දුප්පතුන්ගේ ජීවන රටාව උසස් කිරිමට අයබදු භාවිතා කිරිමට උනන්දු නොවීය.සමාජයේ ගර්වය හෝ පෞද්ගලික අනුග්‍රහකත්වය මත ක්‍රියාත්මක විය.19 වන සියවස මැදභාගයේදී වඩා ධනවත් පිරිස් නගරය වටා ජිවත් වීමට පටන් ගත්හ.නගර මධ්‍යයේ ජිවත් නොවී නගර සීමාවන්ට යාමට හේතු වුයේ එම ප්‍රදේශවල ඉඩකඩ තිබිමත් ඒ අනුව ඔවුන්ට කුඩා උයන්වතු තනා ගැනීමට හැකි වීමත්ය.නගරයේහි පිට මායිමෙහි මධ්‍යම පාන්තිකයින් ජිවත්වූ අතර කාර්මික ශිල්පීන් බෙහෝ විට නගර මධ්‍යයේ ජිවත් වූ බව පෙනේ.ප්‍රවාහන පහසුකම් ඇතිවීමෙන් අනතුරුව වැඩ කරන ජනතාව නගරයෙන් පිටත වාසය කිරිමට පුරුදු වුහ.කාර්මික නගර විස්තර කිරිමට ගත් බෙහෝ ලේඛකයෝ මැන්චෙස්ටර්(Manchester),ලීඩ්ස්(Leeds),ලීවර්පුල්(Liverpool) සහ ලියෝන්(Lyons) යන නගර දුර්ගන්ධය හමන අපවිත්‍ර අමානුෂික මිනිසුන්ගෙන් පිරුණු දුප්පත්කමින් යුත් අශිලාචාර නගර වශයෙන් හදුන්වා ඇත.සුප්‍රකට නවකතාකරුවන්වන චාල්ස් ඩිකන්ස්(Charles Dickens),ජෝර්ජ් සෑන්ඩ්(George Sand),සහ එම්ලි සෝල(Emile Zola)යන ලේඛකයන් විසින් කාර්මීකරනයට ලක්වු නගරවල පවතිණ බිහිසුණුකම හා දුප්පත්කම විස්තරකෙට තිබේ.19 සියවසේ විප්ලවය නිසා ඇතිවු ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම පන්තියට වැඩියෙන් දේශපාලන බලයත් සමාජ ගරුත්වයත් ලැබීම වැදගත් කරුණකි.ජාතියේ දේශපාලන හා සමාජීය බලය උත්පත්තියෙන්ම ලබා ගැනීම නිම වෙමින් පැවතින.නුතන ලෝකයේ කාර්මික ධනය ඉතා වැදගත් වූ හෙයින් මධ්‍යම පාන්තිකයින්ට වඩා බලතල ධනපතින්ට හිමිවු බව විස්වාස කළ හැක.නමුත් මධ්‍යම පාන්තිනයන් ධනවත් වූ අතර ඔවුන් රදළවරුන්ගේ ආචාරශිලිත්,විනෝද ක්‍රිඩාද කිරිමට පටන් ගත්හ.මෙම මධ්‍යම පන්තියට අයත් වුයේ සාමාන්‍ය ජනතාවත්(සියල්ල නොවේ) වෙළදාම් සහ ව්‍යාපාරවල නියලුණු පිරිස් වෙතය.ඉතාමත් ධනවත් පිරිසට අයත් වුයේ බැංකුකරුවන්,කර්මාන්තශාලා හිමියන්,ආකර අයිතිකරුවන් හා ධනපති වෙළෙන්දන්ය. මධ්‍යම පාන්තිකයන්ට සාප්පුහිමිකරුවන්, කළමණාකරුවන්, වෛද්‍යවරුන් සහ නීතිඥයින් ඇතුළත් විය.ශ්‍රමය ලබාදුන් අය දුප්පත් යන වචනයෙන් දැක්වු බව මහාචාර්ය එච්.ටි.බස්නායක අපරදිග ඉතිහාසය1 පොතෙහි දක්නා ඇත.මෙයට අයත් වු අය ගම්බද ආකරවලද නගරවලද විසුහ.කර්මාන්තශාලාවල සේවකයින් වෙනම සමාජ පන්තියක් වශයෙන් නැගී එන්නට විය.නගරික කම්කරුවන් ලන්ඩන්,පැරිස් යන නගරවල විශාල සංඛ්‍යාවක් විසුව වුවත් මේ සියවස මැදභාගයේ කිසිම නගරයක බහුතරයක් නොවීය.19 වන සියවස වනවිට කාර්මික ශිල්පීන් විශාල සංඛ්‍යාවක් ජිවත් විය.ඔවුන් ගොඩනැගිලි තැනීම,මුද්‍රණ ශිල්පය,රෙදිපිළි මැසිම,අහාරපාන සකස්කිරිම හා ලී බඩු ආභරණ තැනීමෙහි යෙදී සිටියහ.කාර්මික ශිල්පීන් කර්මාන්තශාලාවල වැඩ කරන ජනතාවට වඩා වැඩි පිරිසක් මෙකල විය.කාර්මික ශිල්පින්ට කාර්මික ප්‍රවීණත්වයක් තිබිණ.ඒ නිසා ඔවුන්ට සමාජමය හා ආර්ථිකමය අතින් සංවිධාන සකස් කරගත හැකි විය.සාමාන්‍ය වශයෙන් ඔවුන්ට සාක්ෂරතාවය පැවතින.ඔවුන් පාරම්පරික වශයෙන් තම ප්‍රවීණත්වය ඉදිරියට ගෙන ආ පිරිසක් විය.කාර්මික විප්ලවයත් සමගම මෙහුන්ට පහර වැදිණි.මන්ද මොහුන් නිපැයු භාන්ඩය කර්මාන්තශාලාව තුල යන්ත්‍ර සූත්‍ර හරහා නිපදවන ලද නිසාය.මෙම සියවසේ එංගලන්තය හා ප්‍රංශයේ භාන්ඩ නිපදවු ශ්‍රේණින් බෙහොමයක්ම කම්කරුවන්ගේ වැඩ කරන පැය ගනන් වයස් ප්‍රමාණයන් ආදිය පිළිබද නීති ඉදිරිපත් කරන ලදි.මෙකල ගෘහ සේවකයින් වැඩි වූ බැවින් මධ්‍යම පාන්තික කාන්තාවන් තම ගෙදර දොහේ කටයුතුවලින් නිදහස්ව විනෝද ගමන් ගිය බව දැක්වේ.       
                                            මේ කාලයේ දාර්ශනික පදනමද වැටි තිබිණ හෙගල්, කාල් මාක්ස්(1818-1883),තෝමස් කුක්(1808-1892),කාර්ලේ බඩෙකර්(Karl Baedeker) නම් සාහිත්‍ය දරයාද,එංගලන්තයේ ජොසපින් ග්‍රේ බට්ලර්(1828-1906) නම් කාන්තාවන්ගේ දියුණුව සදහා කටයුතු කළ කාන්කාවද,රෝසා බෙන්හර්(1822-1899)නම් සමාජ තත්වයට අභියෝග කළ චිත්‍ර ශිල්පිනියද,ඕගස්ටේ කොම්ටෙ(1798-1857)නම් සමාජ විද්‍යාඥාද,ඉංග්‍රිසි ජාතික චාර්ල්ස් ලෙයල්(1797-1875),චාර්ල්ස් ඩාවින්(1809-1882) වැනි දාර්ශනිකයන්ද,මයිකල් ෆැරඩේ(1791-1867)ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්(1831-1879)හර්මන් වොන් හෙල්මිහෝල්ට්ස්(1821-1894),ජෙම්ස් ජවුල්(1818-1889),ඩිමෙත්‍රි මෙන්ඩෙලිපෆ්(1834-1907) යන භෞතික හා රසයන විද්‍යාඥයින්ද,ලුවී පාස්චර්(1822-1895),ජෝන් ලිස්ටර්(1827-1912) යන වෛද්‍යඥයින්ද,ලියෝපෝල්ඩ් වොන් රන්ක(1795-1886) වැනි ඉතිහාසඥයින්ද,වැනි චින්තකයින්, වෛද්‍යවරුන්, සමාජ විද්‍යාඥයින් මෙකල බිහිවු විශිෂ්ට ගණයේ පුද්ගලයන් විය.


                        19 වන සියවස කාලසීමාව තුළ යුරෝපයේ පැවති සමාජ තත්වය ගත් කළ ඉතා වැදගත් කාලවකවානුවක් වුවාට සැක නැත.මන්ද මෙකල අනෙක් පෙර පැවති කාලයන්ට වඩා වෙනස් තත්වයක් දක්නට ලැබීමයි.එහිදී ප්‍රංශ විප්ලවය,කාර්මික විප්ලවය ආදි තත්වයන් තුළින් මෙම සියවස ආලෝකමත් කරන්නට විය.හුදෙක් 19 වන සියවස යනු පාදුර්භූත වූ යුගයක් නොව එය නුතන යුගයේ සිට වර්ධනය වූ විද්‍යාත්මක,තාක්ෂණික,දාර්ශනික මෙන්ම ‍දේශපාලනික ක්ෂේත්‍රයන් තුළ සිදුවූ වෙනස් වීම් වේ.එය 19 වන සියවසේ සමාජ තත්වය නිර්මාණය කිරිමට හේතු විය.1648 වෙස්පේලියා සාම ගිවිසුම මගින් ස්වාධිනවූ රාජ්‍ය ක්‍රමයන් නිර්මාණයවීම සිදු විය.එය 17-18 සියවස් වනවිට යුරෝපය තුළ නව රාජ්‍යයන් මතුවීමත්, එම රාජ්‍ය තුළ වැඩුනු නාගරීකරණය, කාර්මීකරණය, ගෝලීයකරණය මේ නව රාජ්‍යයන් ශක්තිමත් කරනු ලබයි.19 වන සියවස වන තෙක් සාමාන්‍ය ජනතාවගේ හෝ කාන්තාවන්ගේ තත්වයන් කෙරෙහි අවධානයක් නොලබේ.මන්ද ඔහුට හෝ ඇයට ඉහළට ඒමට වූ  අවස්ථාවන් අඩුවිමයි.නමුත්19 වන සියවසේ ඇතිවු කාර්මික විප්ලවයත්,ප්‍රංශ විප්ලවයත් කරණකොටගෙන නව අදහස් ඉදිරියට ඒමත්,රැකියා ක්ෂේත්‍රයක් නිර්මාණයවිමත් නිසා සමාජයේ පහළට වැටිසිටී සාමාන්‍ය ජනයාට මෙන්ම,කාන්තාවන්ටද තම හැකියාවන්,දක්ෂතාවයන් තුළින් සමාජයේ ඉහළට ඒමට අවස්ථාවක් මෙම සියවසේ අගවන විට හැකිවේ.සාමාන්‍ය ජනයාට මධ්‍යම පන්තියකට ප්‍රවිශ්ට විමටත් ඒ හරහා රදළ පන්තියට අභියෝග කිරිමටත් හැකියාව ලැබේ.එමෙන්ම මෙකල බිහිවු තාක්ෂණික නවෝදය එක් අතකින් ජනතා දෛනික ගැටලු පහසු කරවන්නක් විය.තවත් අතකින් මහා පරිමාණ කාර්මාන්තශාලා බිහි කරවන්නක් වේ.
                       වෘත්තිය ආයතන මෙකල නිර්මාණයවිම නිසා 19 වන සියවස අග සහ 20 සියවසේ වෘත්තිය සමිති නිර්මාණය වීමත් ඒ හරහා කම්කරු අයතින් දිනාගැනිමටත් හැකිවිම කම්කරුවා සුරක්ෂිතවිමකට සමාන විමය.තවද ප්‍රංශ විප්ලවය තුළින් පෙරට ආ නිදහස, සමානාත්මතාවය, ජාතිකත්වය, අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සහෝදරත්වය යන සංකල්ප පෙරට එන ලදි.අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ නම් 19 වන සියවසේ සමස්ථ ක්‍රියාවලිය යුරෝපය මෙන්ම ඉන් පසු ආසියානු,අප්‍රිකානු මෙන්ම ඇමරිකානු රාජ්‍යයන් තුළ නව ලෝකයක් නිර්මාණය කිරිම කෙරෙහි හේතු විය.







0 comments: