Saturday, September 23, 2017

පිටසක්වල ජීවීන් යයි නම් ලද පිරිසක් සිටිත්ද?..අතීතයේ සිට පෘථිවිය පිටසක්වල ලෝක සමග සම්බන්දතා පැවැත්වීද?..



   ඇමරිකාවේ නාලිකාවක් වන History නාලිකාව හරහා සිදු කරනු ලැබු ගවේෂණාත්මක ලෝක අර්තකතනය යන තේමාව හරහා ලෝක සත්‍යයන් අවධාරණය කිරිමේ බලාපොරොත්තුව මත ලෝකයේ අභිරහස් ස්ථාන හා පිටසක්වල ජීවීන් පිළිබදව සිදුකල පර්යේෂණාත්මක තිර රචනය ආශ්‍රය කොට ගනිමින් පිටසක්වල ජීවීන් යයි නම් ලද පිරිසක් සිටිත්ද?..අතීතයේ සිට පෘථිවිය පිටසක්වල ලෝක සමග සම්බන්දතා පැවැත්වීද?..යන්න විද්‍යාත්මක විචාරයට එක්වන්න......පළමු කොටස
ලොව වටා ඇතැම් ස්ථාන,විද්‍යාඥයන් සහ උගතුන්ව නිරුත්තර කොට තිබෙනවා.දශක ගණනාවක තිස්සේම නිහඩ කලාප,දෙවියන්ගේ ද්වාරය,,සහ බර්මියුඩා ත්‍රිකෝණය වැනි ස්ථාන මෙම අත්භූත තැන්වලට පැමිණෙන පුද්ගලයන් විශ්වාස කරන්නේ අතීතයේදී පිටසක්වල සත්වයන් මෙහි පැමිණ ඇති බවයි.එය සත්‍යනම්? පෞරාණික පිටසක්වලයන් ඇත්තෙන්ම සහය වුනාද,අපේ ලෝකය හැඩගස්වන්නට?එසේ නම්...ඔවුන් ඒකරාශී වුනාද,විශේෂිත ස්ථාන වටා? ලෝකයේ වඩාත්ම අභිරහස් ස්ථාන සමහරක් ගැන පෞරාණික පිටසක්වල ආගමනයන් ගැන වඩා හොද වැටහීමක් තුලින් රහස් එළිදරව් කරගත හැකි වේවිද, ,ඇතැම්විට ලෝකයේ අභිරහස් ස්ථාන සියල්ල අතරින්,වඩාත්ම ප්‍රකට, නැතිනම් කූප්‍රකට,ස්ථානය විය හැකියි,
බර්මියුඩා ත්‍රිකෝණය.
,දශක ගණනාවක් පුරා මියාමි, පෝටරීකෝ, සහ බර්මියුඩා අතර වර්ග සැතපුම් 500,000 පමණ ආවරණය කරන මේ මුහුදු ප්‍රදේශය නිරුත්තර කළා විද්‍යාඥයන් මෙන්ම අත්දැකීම් සහිත නාවිකයන්ව,හමුදා පරීක්ෂකයන්ව පවා.ගුවන් යානා අතුරුදහන් වීම්,විවිධාකාර අමුතු ආලෝකයන් දර්ශනය වීම් ආදී අද්භුත ජනක දෑ සිදු වෙමින් පවති. ෆිලිප් කොපෙන්ස් ලේඛක/පරීක්ෂක ජනමාධ්‍යවේදියාගේ අදහසට අනුව මහා ගොඩක් අමුතු දේවල් හැම දේම ගොනු වෙනවා අත්ලාන්තික් සාගෙරේ මේ පුංචි මුල්ලට.නැව් එනවා සම්පූර්ණයෙන්ම හිස් වෙලා.කිසිම කලබලයක් වුන බවට ලකුණු නෑ.ඒත් නාවිකයෝ ඔක්කොම අතුරුදහන් වෙලා.මේ ඇත්තම ඇත්ත දේවල්.ඒවා වාර්තාවල තියෙනවා.ඒ පැහැදිලි නොකල දෙයක්
නැව් සහ ගුවන්යානා අතුරුදහන් වෙන්න  කුමක්ද හේතු වුනේ. සලකුණක්වත් නොතබා ඇයි ගගන සහ ජලයාත්‍රා උපකරණ ක්‍රියාවිරහිත වන්නේ නැතිනම්  දිශාව වෙනස් වෙන්නේ  ඉබේටම අයිතිහාසික නාවික වාර්තා බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් බොහෝ පුද්ගලයන් සිතා සිටිනවාට වඩා පැරණි බව පෙන්වනවා.සාගර ගවේෂණවල මුල්ම කාලයේ පටන්ම නැවියන් අමුතු දර්ශනයවීම් දැක තිබෙනවා.ඇත්තටම, බර්මියුඩා ත්‍රිකෝණය ගැන දැනුවත් බව ඇරඹුණේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් සමගයි.විරල යාත්‍රිකයෙක් සහ කීර්තිමත් නාවිකයෙක් නිසාම ඔහු ඉතාම වැදගත් මෙන්ම වටිනා පුද්ගලයෙකි.ඔහුගේ අලුත් ලෝකයට ගමන් කිරීම ගැන වූ ලොග් වාර්තා ඉතාම නිවැරදියි.කෙසේ වෙතත් කොලොම්බස් බර්මියුඩා ත්‍රිකෝණය කියන ප්‍රදේශයට ඇතුල්වීමත් සමගම ඔහු වාර්තා කරලා තියෙනවා මාලිමා අක්‍රමවත් වීම් මෙන්ම අමුතු ආළෝකයන්,අමුතු කාලගුණ තත්වයන් පිළිබදව එම නිසාම බර්මියුඩා ත්‍රිකෝණයේ කතාව 21 වන සියවස ඉදිරිපිට ඇරඹුන නවීන ජනප්‍රිය මිත්‍යාවක් නොවන බව පැහැදිලියි. මිනිසුන් එම ප්‍රදේශයට ගමන් කිරීම ගැන වාර්තා ඇති තරම්ම.කොලොම්බස් ගෙන් වසර 450කට පසු 1945 දෙසැම්බර් 5 වෙනිදා ඇමරිකානු හමුදාව බර්මියුඩා ත්‍රිකෝණයේ වඩාත්ම වික්ෂිප්තකරවන සුළු අභිරහස දකිනු ලබීය.සැන්දෑ  2:00ට පමණ ඒ.ජෙ ටෝර්පිඩෝ බෝම්බ යානා පහක් ෆොර්ට් ලව්ඩර්ඩේල් ෆ්ලොරිඩා හී පිහිටි නාවික කදවුරකින් දෛනික පුහුණු අභ්‍යාසයක් සදහා පියාසර කළා. එහෙත් පැය දෙකක මෙහෙයුමේ වැඩි කාලයක් ගතවීමට පෙර ගුවන් යානා පහම හදිසියේම අතුරුදහන් වූවා.අබිරහස තවත් වර්ධනය වූවේ නාවික හමුදාව මුදා ගැනීමේ යානාවක් යැවු විට එයද අතුරුදහන් වූ විටයි.පුහුණු ගුවන් නියමුවන් විසින්  පදවනු ලැබූ ගුවන් යානා හයක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූවා.හැමෝම ඒක බොහොම අමුතු දෙයක් හැටියට සැලකුවා.දැන් මේ නවීන යුගයේ,අපිට රේඩාර් තියෙනවා.අපිට රේඩියෝ තියෙනවා.ඒත් ගුවන්  යානා පහක් අතුරුදහන් වුනා.දැන් ප්‍රශ්නේ තමයි කොහෙද ඒවා ඔක්කොම ගියේ?ඇත්තටම ඒක හරියට අපේ තලයෙන්,වෙනත් තලයකට ඒවා ඇදලා ගත්තා වගේ. ඉතින් පැහැදිලිවම ඒ වෙනත් තලය මොකද්ද කියන එක තමයි බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස.පසුගිය කාලය පුරා කිහිප දෙනෙක් මෙම සිදුවම් වලින් දිවි ගලවාගෙන තිබෙන අතර ඒ අතර ඇමරිකානු ගුවන් නියමු බ්රූස් ගර්නන් විශේෂ වේ.1970දී ගර්නන්, ඔහුගේ පියා සහ ව්‍යාපාර සගයෙක් සමග බහාමාස් සිට ෆ්ලොරිඩා දක්වා පියාසර කලා.ගර්නන් වාර්තා කළා ඔවුන්ගේ යානයට කෙලින්ම ඉදිරිපසින් ඇති අමුතු වලාකුලක් ගැන.පසුව, ඔහු එයට ළං වත්ම,ගර්නන් පවසන්නේ වළාකුල  ඩෝනට් හැඩති කුහරයකට නැතිනම් සුළියකට හැරුන බවයි.මුලදී උමග විශාලයි.ඒත් පස්සේ ඒක වේගයෙන් කුඩා වෙන්න ගත් බවත් තව දුරටත් විස්තර කරන ගර්නර්,මං උමගට ඇතුල් වුනාම පුදුමාකාර දෙයක් සිද්ධ වුනා.එක පාරටම රේඛා වගයක් හැදුනා. ඒක හරියට රයිෆල් එකක බටේකින් බලනවා වගෙයි.මොකද ඒ රේඛා වාමාවර්තව හෙමීට කැරකෙනවා තව මං තද විද්‍යුත් ධාරාවගයක් දැක්කා.ඒවා හරියට නිවී නිවී පත්තු වෙන ෆ්ලෑෂ් ලයිට් වගේ.මට පෙනුනේ මේ අමුතු අළු -කහ පාටට හුරු මීදුමක් විතරයි.මං ඒකට  කියන්නේ විද්‍යුත් මී දුම කියලා.මං දැක්කා මගේ උපකරණ අක්‍රමවත් වෙලා බව.ඒ එක්කම මට දැනුනා මේ අදහන්න බැරි සංවේදනයක්.
ගර්නන් පවසන්නේ අවසානයේ ඔහු උමගෙන් පිට වූ විට ඔහු මියාමි ගුවන් පාලක ඒකකයට රේඩියෝ මගින් ඇමතුවත්,ඔවුන්ට ඔහුගේ යානය රේඩාර් තිරයේ සොයාගත නොහැකි වූ බවයි.එයින්  මිනිත්තු තුනකට විතර පස්සේ රේඩාර් පාලක නැවතත් රේඩියෝවෙන් ඇමතුවා.එයා හරිම සතුටට පත්වෙලා හිටියේ.එයා මාව මියාමි වලට ඉහලින් අදුනාගෙන.මට ඒක විශ්වාස කරන්න බැරි වුනා.මොකද මං පියාසර කලේ මිනිත්තු 33ක් විතර නමුත් මියාමිවලට යන්න  හරිනං පැයයි විනාඩි 30ක් විතර යන්න ඕනේ.කාලයත් තැනත් අතර එවන් විෂමතාවක්,එසේම පිටසක්වලයන් මෙවන් ආකාරයේ ද්වාරයන් භාවිතා කරනවා විය හැකිද පෘතුවියට පැමිණීමට?
ඇල්බට් අයින්ස්ටයිගේ සාපේක්ෂතා වාදයට අනුව එය විය හැක්කක්.ගුරුත්ව ශක්තිය මගින් අවකාශය නැවිය හැකියි යන අයින්ස්ටයින්ගේ සිද්ධාන්තයන්ට අනුව,පිටසක්වල යානා බර්මියුඩා ත්‍රිකෝණය වැනි මෙම ස්ථාන වලින් කිසියම් අයුරකින්  වැඩි බලශක්ති අරෝපනයක් ලබාගන්නවායයි යන්නත්,එමගින් විශාල බලයක් යොදවා ගමන් කිරීමට හැකිවන බවත්,වොර්ප් වේගයක් කිව්වැකි මේ  තැන්වලින් අමතර ශක්ති අංශු උකහාගගෙන ඔවුන්ට අවශ්‍ය තැනට යන්න හැකිය යන්නත් හොදටම වියහැකි දෙයක්.ශක්තිය උත්පාදනය කරන ඕනම අවස්තාවක,විශේෂයෙන්ම ඉහල තලයකින් උසස් මානයකින් ඒක එන්නේ භ්‍රමණය වෙමින් එම ශක්තියට ගමන් කිරීමට පසුකම් සලසමින් කරකැවෙන්න සහ භ්‍රමණය වෙන්න ගන්නවා. ඉතින් අර්ථදැක්වීමෙන්ම එවන් ශක්ති විප්‍රේෂණයක් වෝටෙක්ස් එකක් වෙනවා.(සුලියක්)ඉතින්, වොටෙක්ස් එකකුයි ද්වාරයකුයි කියන්නේ එකම දේයි.න්‍යායාත්මකව බැලුකල වෝම්හෝල් විශ්වය පුරා පිහිටා ඇති නිසා මෙම ආකාරයේම ද්වාරයන් පෘතුවිය මත කුඩා ප්‍රදේශ තුල පිහිටා තිබෙනවා විය හැකිද?එසේ නම් අසාමාන්‍ය විද්‍යුත් චුම්භකත්ව මට්ටම් ඒවා හදුනා ගැනීමේ යතුරද?
මේවා තුළ හැමතිස්සෙම පැහදිලි නොකළ වාෂ්පයක් හෝ වලාකුලක් හා සම්බන්ධ විද්‍යුත් චුම්බක සන්සිධියක් තියෙනවා.මේ සංසිද්ධිය හදුනා නොගත් පියාසර වස්තුන් අපගේ මානයේ පෙනීසිටීමත් නොපෙනීයාමත් දක්වනවා.බර්මියුඩා ත්‍රිකෝණය මෙම පිටසක්වලයන් විසින් භාවිත කරන එවන් අන්තර් මාන ද්වාරයක් වීම බොහොම විය හැකි දෙයක්.හදුනා නොගත් පියාසර වස්තු දක්නට ලැබීම් සහ නැව් සහ ගුවන් යානා අතුරුදහන් වීම් ගැන වාර්තා නිසා ඇතැමුන් පවසන්නේ බර්මියුඩා ත්‍රිකෝණය දෙපසටම ඇරෙන ද්වාරයක් බවයි.

එහෙයින් පෞරානික ගගනගාමී මතධාරීන් පවසන ආකාරයට වෙනත් ලෝකවල සත්වයන් පෞරාණික යුග වල සිටම එය මෙහි පැමිණීමට භාවිතා කලානම් දිනයක අපටද මෙම කෙටි මාර්ගය ඔවුන් වෙත යාමට භාවිතා කල හැකි බවයි.ඇත්තවශයෙන්ම බර්මියුඩා ත්‍රිකෝණ මුහුදේ ද්වාරයක් ඇත්නම් තවත් ඒවා ගොඩබිමෙහි තිබිය හැකිද?එල් පාසෝ, ටෙක්සාස් වලින් සැතපුම් 400 දකුණෙහි උතුරු මෙක්සිකොවෙහි දුරස්ථ රළු ශුෂ්ක කාන්තාර ප්‍රදේශයේ සබායෝස් ටවුම ආසන්නයේ ප්‍රදේශ වැසියන් විසින් හදුන්වන්න සොනා ඩෙල් සිලන්සියෝ නැතිනම් නිහඩ කලාපය ලෙසයි.මෙය පෘතුවිය මත අත්දැකීමට ලැබුන අමුතුම අත්දැකීම් වල කේන්ද්‍රයක්.එහෙදි කිසිම දෙයක් වැඩ කරන්නේ නෑ.සෙල් ෆෝන් එකක් අරන් ගියොත් ඒවා වැඩ නොකර යනවා.රේඩියෝවක් අරන් ගියොත් ඒක නතර වෙනවා.මාලිමාවක් අරන් ගියොත් කටුව වටේට කරකැවෙනවා.ඒක හරිම අමුතුයි.අමුතු ගල් තියෙනවා හැමතැනම.අමුතු විකෘත්ති වුන සත්තු කාන්තාරේ මේ හරියේ ජීවත් වෙනවා. එතන ඉන්නකොට අමුතු පොපියන ගතියක් දැනෙනවා 

තව කොටස් ඉදිරියට

0 comments: